
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සෙසු ආරක්ෂක අංශ සමඟ 2022 වසරේදී සිදු කරන ලද මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පුද්ගලයන් 46,258 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සමඟ අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් ප්‍රමාණය කිලෝ 1,548 කි. මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් වල වටිනාකම රුපියල් කෝටි 2090 කට අධිකය.
එමෙන්ම පාසල් අසල මත්ද්‍රව්‍ය, මත්පෙති, මත් ටොෆි චොකලට් ඇතුළු රස කැවිලි අලෙවි කළ ස්ථාන 200ක් පමණ පොලිසිය මේ වන විට වටලා ඇත.
පාසල් සිසුන් අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ වර්ගවල මත්ද්‍රව්‍ය, මත්පෙති සහ මත් රසකැවිලි වලට ඇබ්බැහි වී සිටින බවට ලැබුණු තොරතුරුවලට අනුව පොලිසිය දිගින් දිගටම මෙම වැටලීම් සිදු කරනු ලබයි.