ඉන්දු-ලංකා මඟී යාත්‍රා සේවය මාර්තුවේ සිට ඇරැඹේ | සිළුමිණ

ඉන්දු-ලංකා මඟී යාත්‍රා සේවය මාර්තුවේ සිට ඇරැඹේ

න්දියාව හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය අතර මගී ප්‍රවාහන නාවුක යාත්‍රා සේවය ලබන මාර්තු මස සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායකට දුන් උපදෙස් අනුව මෙහි මූලික සාකච්ඡා ආරම්භ කර තිබේ. තමිල්නාඩු ප්‍රාන්ත රජය සමඟ මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පවත්වා ඇත. මෙම යාත්‍රා සේවය පැරණි රාමායනයේ එන මාර්ගය භාවිතා කරන්නේ ද නැතිනම් සංඝමිත්තා තෙරණිය මෙරටට පැමිණි මාර්ගය භාවිත කරන්නේ ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබේ.

Comments