
මහනුවර සංඝරාජ මාවතේ සෙංකඩගල වලව්වේ පදිංචි දීඝායු අභයනායක නිලමේතුමන්ට හා චම්පකා ප්‍රේමනී එම මෑණියන්ට අයත් ගම්පහ මාකොළ සිරිසඟ බෝ මාවතේ පලතුරුවත්ත නමැති ඉඩමේ පිහිටි වසර 75 පමණ පෞරාණික ශ්‍රී සඟබෝ විහාරය සහිත ඉඩම, ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මහා ලේඛකාධිකාරී සෝමාවතී රාජමහා විහාරාධිපති ආචාර්ය පහමුනේ ශ්‍රී සුමංගල හිමියන්ගේ අත්සනින් යුතු ඔප්පුව පසුගියදා ඓතිහාසික මල්වතු මහා විහාරයේ දී රාජගිරියේ බුත්ගමුව පාර ධර්මාශ්‍රම විහාරවාසී පල්ගේගම විනීත හාමුදුරුවන් වහන්සේට පූජා කරන ලදී.
මෙම අවස්ථාව සඳහා දෙනියායේ පල්ලෙගම ශ්‍රී ඛෙත්තාරාමය සහ රාජගිරියේ බුත්ගමුව පාර ධර්මාශ්‍රම විහාරාධිපති ආචාර්ය පල්ලෙගම ආයුපාල මාහිමිපාණන් වන්සේ සහ රජගහනුවර වේළුවන ශ්‍රී ලංකාරාමවාසී ශාස්ත්‍රපති පල්ලේගම අස්සජී හාමුදුරුවන්වහන්සේද වැඩම කරන ලදී.