
වන අලින් පලවා හැරීම සදහා වාර්ෂිකව රුපියල් මිලියන 427කට අධික වැටුප් හා දිමනා පිරිවැයක් දරා සිවිල් ආරක්ෂක භටයින් 845 දෙනෙකු යොදවා තිබුණ ද ඉකුත් 2021 වර්ෂය තුළදී අලි මිනිස් ගැටුම ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
අලි පලවා හැරීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක භටයන් සදහා විධිමත් පුහුණුවක් ලබා දී නොතිබුණු බවද විගණන වාර්තාවේ සඳහන්ය. ඉකුත් වර්ෂය තුළදී අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් 375 දෙනකු සහ මිනිසුන් 142 දෙනෙකු මියගොස් තිබුණි. ශාරීරික හානි 58ක් සහ දේපල හානි 1,326ක් වාර්තා වී තිබුණි. සිවිල් ආරක්ෂක භටයන් 3,300 දෙනෙකු විදුලි වැටවල් නඩත්තු කිරීමටත්,
භටයන් 389 දෙනෙකු වනජීවි කාර්යාල කටයුතු සදහා යොදවා ඇත. මෙම කටයුතු සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂකභටයන් සංඛ්‍යාව 4534 දෙනෙකි. මෙරට ඉදිකොට ඇති අලි වැට ප්‍රමාණය කිලෝමීටර් 4,756ක් වන අතර මින් කිලෝමීටර් 4,725ක් හෙවත් සියයට 99ක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නඩත්තු කටයුතු සඳහා භාරදී තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.