
වාහන රියදුරු බලපත්‍ර උදෙසා අකුසලතා ලකුණු ලබා දීමේ ක්‍රමවේදය 2023 මාර්තු මස අවසානයට පෙර ආරම්භ කරන අතර ඒ අනුව රියදුරකුට අකුසලතා ලකුණු 24 ක් එකතු වූ විට ඔහුගේ රියදුරු බලපත්‍රය වහාම අවලංගු කිරීමට ලක් කෙරේ.
මේ පිළිබඳ සිළුමිණට අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ප්‍රකාශ කළේ එසේ අවලංගු කිරීමෙන් පසු වසරක් යනතුරු අදාළ රියදුරාට යළිත් බලපත්‍රයට අයැදුම්කළ නොහැකි බවය. වසරකින් පසුව නැවත නව රියදුරු බලපත්‍රයක් ලබා ගන්නා ආකාරයට අයදුම්පතක් යොමු කළ යුතු බවද මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය
මේ අතර මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මේ වසරේ සිට නව වාහන ලියාපදිංචියේදී වාහන අංක තහඩුවේ ඇති පළාත සඳහන් ඉංග්‍රීසි අකුරු (WP, CP,SP ආදී) ඉවත් කරන බවය.
ඒ අනුව ජනවාරි 01 සිට නිකුත් කරන නව අංක තහඩුවල පළාත් ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකෙරේ.
පළාත් අතර වාහන හිමිකාරිත්වය පැවරෙන සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදුවන විට පාරිභෝගිකයන් මෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද දුෂ්කරතා රැසකට මුහුණ පෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි දෙපාර්තමේන්තුව පවසයි.