
ලෝක පාපන්දු ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීල පා පන්දු සුපිරි තරුව පේලේ, සිය දිවි ගමන නිමා කළේය. මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රසීලයට තෙවරක් (1958/ 1962/ 1970) පා පන්දු ලෝක කුසලානය අත්කර දීමට සමත් වූ ක්‍රීඩකයා වන්නේ ද පේලේය.
සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලේ පසුගිය දින කීපය පුරා පේලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
වසරකට වැඩි කාලයක් තිස්සේ පේලේ උදර පිළිකාවකින් පීඩා විඳි අයෙකි. පසුගිය දිනවල වෛද්‍යවරුන් දිගින් දිගටම කියා සිටියේ පේලේගේ තත්ත්වය බරපතල බවත් ඔහුගේ වකගඩු අක්‍රිය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.
මේ සමගම අවයව කීපයක් අකර්මණ්‍ය වීම හේතුවෙන් ඔහුට සිය ජීවිතය නිමා කරන්නට සිදුවිය.
බ්‍රහස්පතින්දා (29) ඔහුගේ මරණය පිළිබඳව සිය දියණිය Kely Nascimento විසින් නිවේදනය කර තිබුනි.
අවසන් දින කීපයේ පේලේගේ පවුලේ සාමාජිකයන් රෝහලට පැමිණ පේලේ අසල සිටි බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබුණි.
පේලේ ස්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය නොවැම්බර් 29 වැනිදා, මෙවර 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතරතුරේය.
පේලේ 2000 වර්ෂයේ දී සියවසේ පාපන්දු ක්‍රීඩකයා ලෙස නම් කර තිබුණි. ඊට අමතරව ඔහු බ්‍රසීලය වෙනුවෙන් තරග 92කදී ගෝල 77ක් ඇතුළුව වසර 21ක වෘත්තීය ක්‍රීඩා ජීවිතය තුළ තරග 1,363කදී ගෝල 1,281ක් රැස්කරමින් ලෝක වාර්තාවක් තබා තිබේ.