මෙසීගේ රුව මුදල් නොට්ටුවකට | සිළුමිණ

මෙසීගේ රුව මුදල් නොට්ටුවකට

ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසීගේ රුව සහිත මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. 
 
එම නෝට්ටුවේ එක් පැත්තක මෙසීගේ උඩුකය රැගත් රුව දැක්වෙන අතර අනෙක් පස ඇත්තේ ලෝක පාපන්දු ශූරතාව දිනාගත් කණ්ඩායමේ ඡායාරූපය දැක්වේ.
 
ඒ අනුව ආර්ජන්ටිනාවේ මහ බැංකුව රටේ පෙසෝ දහසේ මුදල් නෝට්ටුවට මෙලෙස  මෙසීගේ රුව එක් කරයි. 
 
මේ අතර ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස් අගනුවර ඇතුළු නගර කිහිපයක තාප්පවල මෙසීගේ රුව සහිත විශාල ප්‍රමාණයේ ඡායාරූප ප්‍රදර්ශනය කර ඇත.

Comments