බිත්තර රු. 55ට විකුණන්න එකඟ වෙයි | සිළුමිණ

බිත්තර රු. 55ට විකුණන්න එකඟ වෙයි

 
රුපියල් 55ක මිලක් යටතේ පාරිභෝගික ජනතාවට බිත්තර දීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කරයි.
 
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුළු සංගම් කිහිපයක් සමඟ ඊයේ (26) පැවති සාකච්ඡාවකදී එම පිරිස මෙසේ එකඟතාවකට පැමිණ තිබේ.
 
මේ වන විට දේශීය වෙළෙඳපොළේ කුකුළු බිත්තර මිල රුපියල් 70 ඉක්මවා යමින් පවතින බැවින් අවම මිලක් යටතේ පාරිභෝගිකයන් හට බිත්තර දීම මෙන්ම කුකුළු බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීමට පියවර ගැනීම මේ සාකච්ඡාවේ අරමුණ විය.
 
දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කිරීමද රජයේ වගකීම බවත් දේශීය කුකුළු බිත්තර කර්මාන්තකරුවන් සාධාරණ මිලකට බිත්තර නොදෙන්නේ නම් අවම මිලක් යටතේ බිත්තර මිලදී ගැනීමට, බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
 
එමෙන්ම ආරම්භයක් වශයෙන් කොළඹට දිනපතා බිත්තර රැගත් ලොරි 20ක් බැගින් ගෙන්වා ජනාකීර්ණ ප්‍රදේශවලදී පාරිභෝගිකයන්ට අලෙවි කිරීමටත්, වෙනත් නාගරික ප්‍රදේශවලටද එම කටයුතු ව්‍යාප්ත කිරීමටත් අදාළ කර්මාන්තකරුවන් එකඟත්වය පළ කළේය. 
 
 
 
 
 
 

Comments