අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට රු.15,000ක දීමනාවක් | සිළුමිණ

අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට රු.15,000ක දීමනාවක්

අන්තර් ජාතික සංවර්ධනය සදහාවන එක්සත් ජනපද නියෝජ්‍ය ආයතනයේ ආධාර මත ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 07ක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සදහා එක් පවුලකට රුපියල් පහලොස් දහසක දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ. 
 
ඒ ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සදහා ය.
 
මෙම දීමනාව යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වව්නියාව, මොණරාගල හා මඩකලපුව දිස්ත්‍රික්ක වල වෙසෙන මාසික ආදායම රුපියල් 41,500 ට වඩා අඩු ගොවි පවුල් සදහා මෙම ආධාර ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
 
කෘෂිකර්ම අමාත්‍යංශය,  ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අදාළ ගොවි පවුල් වෙත මෙම ආධාර ලබාදීමට උපදෙස් ලබාදී ඇත. 
 
එමෙන්ම මීට පෙර ආසියානු සංවර්ධන බැංකුව ද රුපියල් බිලියන 08 ක මුදලක් දිවයිනේ වී වගාකරන ගොවි පවුල් ලක්ෂ 12ට ලබාදීමට මීට පෙර කටයුතු කර තිබේ. එම මුදල් ලබන ජනවාරි මාසයේ දී ගොවීන්ගේ ගිණුම්වලට බැරකරන බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 
 

Comments