අසිරිමත් නත්තල උදාවෙයි | සිළුමිණ

අසිරිමත් නත්තල උදාවෙයි

සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අදයි(25).
 
නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගීවන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වේ. 
 
උදාවූ අසිරිමත් නත්තල වෙනුවෙන් කොළඹ නගරය ද අලංකාර වී තිබුණි.
 
එමෙන්ම කිතුණුවන් බොහෝමයක් ජීවත්වෙන මීගමුව ප්‍රදේශය ද නත්තල පිළිගැනීම සඳහා වර්ණවත් වී තිබුණි.
 
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රාත්‍රි 11.45 ට මෙරට ප්‍රධාන දේව මෙහෙය පන්නිපිටිය ක්‍රිස්තුරාජාණන්ගේ දේවස්ථානයේදි පැවැත්විය.
 
ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීන් මෙම අසිරිමත් උපන් දිනය සමරයි.
 
දිළිඳු ගවලෙනක, සීතල උඳුවප් මහේ උපත ලද ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණෝ, අවිදු අඳුරු නිමවා ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිත කාලය ම කැප කළ අයුරු සිහිපත් කරමින් ශ්‍රී ලාංකික අප ද අද මේ දිනය සැමරුමට එක්වනුයේ එකිනෙකා කෙරෙහි හදවතේ උපන් ගෞරවය, සෙනෙහස, සතුටු සිත් පෙරටුවයි.
 

Comments