ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 7ක මිල අඩු වේ | සිළුමිණ

ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 7ක මිල අඩු වේ

ලංකා සතොස ආයතනය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 7ක මිල අඩු කර තිබේ. ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 4කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 220කි. ආනයනික අර්තාපල් සහ බී ලූනු කිලෝග්‍රෑම් එකක්

රුපියල් 5කින් අඩුකර ඇත. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 11කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 374කි. දේශීය ටින් මාළු රුපියල් 15කින් අඩු කර ඇති අතර රුපියල් එහි නව මිල රුපියල් 475 කි. මිරිස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,780කි.

Comments