
නීතියට අනුව මැතිවරණ පැවැත්විය යුතු කාල වකවානුව ඉතා කෙටි කලකින් එළඹෙන නමුදු මැතිවරණයක් පැවැත්වීමට සුදුසු ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ නොමැති බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා සිළුමිණට ප්‍රකාශ කෙළේය.
උද්ගතව ඇති තත්ත්වය යටතේ පළාත්පාලන මැතිවරණය නිශ්චිත කාලයකට කල්දමා විධිමත් ක්‍රමවේදයක් යටතේ එම ආයතන කොමසාරිස්වරයකු යටතට පත් කිරීම හෝ නිල කාලය දීර්ඝ කිරීම සිදු කළ යුතු බවද මහානාමහේවා අවධාරණය කෙළේය. සාමාන්‍ය තත්ත්වයක් රටේ නොපවතින බව පෙන්වා දුන් හෙතෙම කියා සිටියේ මැතිවරණයක් පැවැත්වීමෙන් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උග්‍රවිය හැකි බවය.