බෞද්ධ සහ පාලි සරසවියේ අමානුෂික නවක වධයට සිසුන් 32කගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි | සිළුමිණ

බෞද්ධ සහ පාලි සරසවියේ අමානුෂික නවක වධයට සිසුන් 32කගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි

හෝමාගම පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පළමු වසරේ භික්ෂු සහ සිවිල් සිසුන් සඳහා ජ්‍යෙෂ්ඨ භික්ෂු සහ සිවිල් සිසුන් විසින් ඉකුත් දා ලබාදුන් තිරස්චීන නවක වධයේ සියලු තොරතුරු දැන් අනාවරණය වී තිබේ.

එම අමානුෂික නවක වධ සිද්ධි අතර සතියක් පමණ කාලයක් පල් කරන ලද අපද්‍රව්‍ය සහිත ජලය පිරවූ වලවල් තුළ රැඳවීම, දින කිහිපයක් නිසි පරිදි ආහාර ලබා නොදීම, ලිංගික ක්‍රියාවන් සිදුකරන ආකාරයෙන් නිරූපණ ඉදිරිපත් කරවීම, දරා ගත නොහැකි වන සේ අධික ලෙස ව්‍යායාම සිදු කරවීම, බලහත්කාරයෙන් කංසා, අයිස් වැනි මත්ද්‍රව්‍යවලට යොමු කිරීම ඇතුළු අඩන්තේට්ටම් රැසක් වූ බව ඒ පිළිබඳ රජය වෙත ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්ය.

නවක වධ සිද්ධීන් වලට සම්බන්ධ සිසුන් 3ක් මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර, සිසුන් 32 දෙනකුගේ ශිෂ්‍යභාවය පාලනාධිකාරිය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.

Comments