පොහොට්ටුවෙන් නාම යෝජනා කමිටු | සිළුමිණ

පොහොට්ටුවෙන් නාම යෝජනා කමිටු

ළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට පළාත් මට්ටමින් නාමයෝජනා මණ්ඩල පත්කර තිබේ.

පළාතේ දේශපාලන අධිකාරිය, නීතිඥ, තරුණ, කාන්තා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ රණවිරුවන් නියෝජනය වන පරිදි මෙම නාමයෝජනා මණ්ඩල සකස් කර ඇත.

පළාත් පාලන ඡන්ද විමසීමට සූදානම් වෙමින් සියලු මැතිවරණ දිස්ත්‍රික්කයන්හි දේශපාලන අධිකාරිය වෙන් වෙන් වශයෙන් පක්ෂ මූලස්ථානයට කැඳවා පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡා තුළින් ඔවුන් දැනටමත් දැනුම්වත් කර ඇත.

Comments