
ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් ලබන වසරේ මැද භාගයේදී මෙරටදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අවධානය යොමු කර තිබේ. ඊට අදාළව සියලු කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශක එරික් සෝල්හයිම්ට හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනට උපදෙස් දී ඇත.මෙම තීරණයට එළැඹ ඇත්තේ ඉකුත් සතියේ එරික් සෝල්හයිම්, රුවන් විජයවර්ධන යන මහත්වරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් හමු වී සාකච්ඡා කළ අවස්ථාවේදීය. ලෝකයේ පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ නිරත වන ප්‍රධානීන් රැසකට මෙරටට ආරාධනා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් එහිදී දැනුම් දී තිබේ. එම සමුළුවට පැමිණෙන ප්‍රධාන ආයතන නිලධාරීන් සමඟ සාකච්ඡා කොට මෙරට පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමට සැලසුම් කර ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. එසේම ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස්ට ද ආරාධනා කර ඇත.