පලෙයි ප්‍රදේශයේ බස් අනතුරින් දෙදෙනෙකුට බරපතලයි | සිළුමිණ

පලෙයි ප්‍රදේශයේ බස් අනතුරින් දෙදෙනෙකුට බරපතලයි

ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා යාපනය දක්වා ගමන්ගත් බස් රථයක් ඊයේ (21) සවස 6.15 ට පමණ කිලිනොච්චිය,පලෙයි ප්‍රදේශයේදී පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පලෙයි පොලිසිය පවසයි.
 
වැසි සහිත කාලගුණය සමඟ බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව පෙරළී ඇති බව මුලික විමර්ශන වලදී හෙළි වී ඇති බව පොලිසිය පවසයි.
 
මෙම අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර වෙනුවෙන් කිලිනොච්චිය හා යාපනය රෝහල් වෙත ඇතුළත් කොට ඇති අතර, තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවද පොලිසිය පැවසූහ.
 
 පලෙයි පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Comments