
වර්තමානයේ, ළමයින් අතර ද මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වීමට අවස්ථාවක් පවතින බැවින් ඒ සදහා අධ්‍යාපන අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටියි.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණු තවත් විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සහ අනෙකුත් අදාළ ආයතනවල නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
එම අවස්ථාවේදී මත්ද්‍රව්‍ය උවදුර පාසල් තුල ව්‍යාප්ත නොවීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් අවධානය යොමු විය. මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 2020.07.29 දිනැති 20/2020 අංක දරණ” අධ්‍යාපන ආයතන පරිශ්‍රයන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, මධ්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය සහ වෙළදාමෙන් තොර කලාපයක් බවට පත් කිරීම” උදෘතයෙන් යුතු චක්‍රලේඛය කෙරෙහි නැවත වරක් විශේෂ අවධානය යොමු කල යුතු බවට විදුහල්පතිවරුන් වෙත නැවත වරක් දන්වා යැවීමට තීරණය කරන ලදී. එසේම පාසල්, කලාප සහ පළාත් මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවා සුදුසු ක්‍රමවේද මගින් මත්ද්‍රව්‍ය පාසල් පරිශ්‍රවලින් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධව උපදෙස් ලබා දීමට තීරණය විය.
ඉදිරියේ පාසලට ඇතුලු වන්නන් සහ සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නම් පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් මගින් එම කාර්ය සිදු කල යුතු බව සාකච්ඡා කර තිබේ. මත්ද්‍රව්‍ය භාවිතා කල අය හඳුනා ගැනීම සහ ඔවුන් සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග පිලිබදව ගුරුවරුන් දැනුවත් කිරීම සදහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අඛණ්ඩව පැවැත්වීමටත්, පාසල් පරිසරය සිසුන්ට ප්‍රියජනක පරිසරයක් ලෙස පවත්වාගෙන යාමටත් පියවර ගත යුතු බවටද තවදුරටත් සාකච්ඡා කරන ලදි.