
ඇමරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ ප්‍රාන්තවලට ප්‍රබල භූමි කම්පාවක් සිදුවී ඇත. මෙම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් ලෙස සටහන් වී තිබෙයි භූමි කම්පාව හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනක් ජීවිතක්ෂයට පත්ව ඇත.
තුවාල ලබා රෝහලගත කළ ගණන 11 කි. මරණ සහ තුවාල ලැබූවන් වාර්තා වන්නේ හම්බෝල්ට් ප්‍රාන්තයෙනි. නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනකට හානි සිදුව ඇති අතර ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ 70,000 ක් දෙනා විදුලිය බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවය.
ප්‍රධාන භූමිකම්පාවෙන් පසු පසු කම්පන 80 ක් පමණ හටගත් බව ද පැවැසෙයි. ප්‍රධාන භූමිකම්පාව හටගත්තේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර සිට කිලෝ මීටර් 350 ක් දුරිනි. අධිවේගී මාර්ග ද ඇතුළු මාර්ග රැසක් භූමි කම්පාවෙන් විනාශ වී ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇතැයි ද වාර්තා වේ.