මෙරට පාතාලයේ 09ක් තමිල්නාඩු සරණාගත කඳවුරක දී අත්අඩංගුවට | සිළුමිණ

මෙරට පාතාලයේ 09ක් තමිල්නාඩු සරණාගත කඳවුරක දී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ ආයුධ වෙළෙඳාමට සම්බන්ධ නඩුවකට ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) තමිල්නාඩුවේ ට්‍රිචි හි විශේෂ සරණාගත කඳවුරක සිටි ශ්‍රී ලාංකිකයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
එහිදී මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරමට සම්බන්ධ අපරාධ කල්ලි සාමාජිකයන් වන කිඹුලාඇළේ ගුණා, ලඩියා, වැල්ලේ සුරංග ඇතුළු ශ්‍රී ලාංකිකයන් 9දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
 
මෙම පිරිස ඊයේ (19) ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සී. ගුණසේකරන් හෙවත් ගුණා හෙවත් ප්‍රේම් කුමාර්, පුෂ්පරාජා හෙවත් පූකුට්ටි කන්නා, මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, ලඩියා, ධනුක්ක රොෂාන්, වෙල්ලා සුරංග නොහොත් ගමගේ සුරංග ප්‍රදීප් සහ තිලිපල් නෙහොත් දිලීපන් යන අයයි.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
 
 
 
 
 

Comments