නව සංශෝධන ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය | සිළුමිණ

නව සංශෝධන ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

නව සංශෝධන ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
 
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට මීට පෙර කැබිනට් අනුමැතිය හිමිවී එය රජයේ ගැසට් පත්‍රයේ ද පළකර තිබුණි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණ ද න්‍යාය පුස්තකයට ඇතුළත්කර තිබුණේ නැත. 
 
ඒ අනුව වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදී මහ බැංකුවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායිව ඉටුකර ගැනීම සදහා නව සංශෝධන සහිතව ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව ඇත. 

Comments