හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට | සිළුමිණ

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට

 
හංවැල්ලේ ආපනශාලා හිමිකරුවෙකු ඊයේ (18) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇති බව  හංවැල්ල පොලිසිය පවසයි.
 
මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙකි.
 
නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ අදාළ ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික ස්ථානයේ දීම මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
 
වෙඩි වැදී බරපතල තුවාල ලැබූ පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව පොලිසිය පවසයි
 
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Comments