නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට දින දෙකක් | සිළුමිණ

නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට දින දෙකක්

එළඹෙන දෙසැම්බර් 23 සහ 24 යන දෙදින පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි
 
මේ අනුව 23 වන දින පාසල් දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීට අවස්ථාව ලබා දී ඇති අතර එදිනට 'පාසල් දරුවෝ පරිසර නියමුවෝ' යන තේමාව යටතේ එම දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ද සංවිධානය කර තිබෙයි.
 
අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීම සඳහා ලබන 24 වන දින අවස්ථාව ලබා දි ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි
 

Comments