
- ජනවාරි 17 -25 දක්වා බලාපොරොත්තු රහිත කාලගුණික විපර්යාස
- ඔක්තෝබර් 28 වැනිදායින් පසුව එළඹෙන දින 10 තුළ ජල විපත් සිදු වීමේ අවදානමක්
තවත් දින කිහිපයකින් උදා වන 2023 නව වසර තුළදී සිදු විය හැකි කාලගුණික සහ දේශගුණික විපර්යාස පිළිබඳව කල් ඇතුව අදහස් දැක්වීම බොහෝ දෙනකුට ප්‍රයෝජනවත් විය හැකි යැයි සිතමි.
2023 වසර තුළ අංක විද්‍යාත්මක සිද්ධාන්තවලට අනුව දින අංක සහ දෛව අංක සමාන වන මාස නොහොත් මැජික් මාස දෙකක් ඇත. ඒවා නම්, 2023 වසරෙහි පෙබරවාරි මාසය සහ නොවැම්බර් මාසයයි. ඒ අනුව 2023 වසර තුළ මහ සයුර තුළ ප්‍රබල භූ කම්පන ඇති වීමට වඩාත් ඉඩකඩ ඇති මාස වන්නේ 2023 වසරෙහි පෙබරවාරි මාසය සහ නොවැම්බර් මාසයයි. මෙම භූ කම්පාවලින් සමහර භූ කම්පා 'සුනාමි' අනතුරු ඇඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක වීමට සිදු වන ආකාරයේ භූ කම්පා විය හැකිය. මීට අමතරව 2023 වසරේ පෙබරවාරි සහ නොවැම්බර් යන මාසවල පොළොව සෙලවීම් වැනි සිදුවීම්වලට ද අන් මාසවලට වඩා ඉඩකඩ ඇත. එමෙන්ම මහ සයුරෙහි කාලගුණය ගොඩබිමට ද බලපාන නිසා 2023 වසරේ පෙබරවාරි සහ නොවැම්බර් යන මාසවල වර්ෂාව පතිත වීමට ද ඉහළ ඉඩක් ඇත.
මීට අමතරව 'මැජික්' මාසවලට ආසන්න මාස වන 2023 වසරේ ජනවාරි, මාර්තු, ඔක්තෝබර්, දෙසැම්බර් යන මාසවලද 'මැජික්' මාසවල තරම්ම නොවුණත් මහ සයුර තුළ භූ කම්පා හට ගැනීමේ යම් අවදානමක් ඇති වෙයි. විශේෂයෙන් 2023 වසරේ ඔක්තෝබර් 14 වැනිදා සිදු වීමට නියමිත වලයාකාර සූර්ය ග්‍රහණයට අනුව ද 2023 වසරේ ඔක්තෝබර් 28 වැනිදා ජල රාශියක් වන මීන රාශිය තුළ සිදු වන අර්ධ චන්ද්‍ර ග්‍රහණයට අනුව 2023 වසරේ ඔක්තෝබර් 17 වනදායින් පසුව එළඹෙන දින කිහිපය තුළ සහ 2023 වසරේ ඔක්තෝබර් 28 වැනිදායින් පසුව එළඹෙන දින කිහිපය තුළ මහ සයුර තුළ ප්‍රබල භූ කම්පන වර්ධනය වීමට සහ 2023 වසරේ ඔක්තෝබර් 28 වැනිදායින් පසුව එළඹෙන දින 10 තුළ ජල විපත්වලට ද ඉඩකඩ ඇත.
මීට අමතර ලෙස චන්ද්‍ර ග්‍රහණවලට සහ සූර්ය ග්‍රහණවලට අනුව 2023 වසරේ අප්‍රේල් 20 වැනිදායින් පසුව එළඹෙන දින කිහිපය තුළද 2023 වසරෙහි මැයි 5 වැනිදායින් පසුව එළඹෙන දින කිහිපය තුළ මහ සයුර තුළ ප්‍රබල භූ කම්පන ඇති වීමට ඉඩ ඇති අතර එම භූ කම්පා ගොඩබිමෙහි වර්ෂාපතනය කෙරෙහි ද ධනාත්මක ලෙස බලපානු ඇත.
එමෙන්ම ග්‍රහ යුද්ධවලට අනුව 2023 වසරේ ජනවාරි 23 වැනිදා ආශ්‍රිතව සහ 2023 වසරේ ජනවාරි 23 වැනිදායින් පසුව එළඹෙන දින කිහිපය තුළද 2023 වසරේ මාර්තු 2 වැනිදා ආශ්‍රිතව සහ මාර්තු 2 වැනිදායින් පසුව එළඹෙන දින කිහිපය තුළද බලාපොරොත්තු රහිත කාලගුණික විපර්යාසවලට සහ වර්ෂාව පතිත වීමට ඉඩකඩ ඇත. මීට අමතර ලෙස නැප්චූන් ග්‍රහ යුද්ධවලට සම්බන්ධ වීමට අනුව 2023 වසරේ මාර්තු 16 වැනිදා සහ මාර්තු 16 වැනිදායින් පසුව එළඹෙන දින කිහිපය තුළද මහ සයුර තුළ ප්‍රබල භූ කම්පා ඇති වීමට ද, මහ සයුර රළු වීමට ද, ලෝක මට්ටමෙන් සුළි කුණාටු ආදිය ඇති වීමට ද ඉඩ ඇති අතර ගොඩබිම තුළ ද යම් මට්ටමකට හෝ වර්ෂාව පතිත වීමට ඉඩකඩ ඇත.
තවද 2023 වසරෙහි ජනවාරි 17 වැනිදා ශනි ග්‍රහයා කුම්භ රාශියට පිවිසීමට අනුව 2023 වසරේ ජනවාරි 10 වැනිදා පමණ සිට ජනවාරි 25 වැනිදා පමණ කාල සීමාව දක්වා බලාපොරොත්තු රහිත කාලගුණික විපර්යාසවලට ඉඩකඩ ඇති අතර 2023 වසරෙහි ජනවාරි 17 වැනිදා අවට දිනවල මහ සයුර රළු වීමට සහ ප්‍රබල භූ කම්පා වර්ධනය වීමට ඉඩකඩ ඇත. මීට අමතරව සිකුරු උච්ච වීමට අනුව 2023 වසරේ පෙබරවාරි 15 වැනිදාත් 2023 වසරේ මාර්තු 12 වැනිදාත් අතර කාල සීමාව තුළ වර්ෂාව සම්බන්ධව සුබදායක වෙනස්කම් පෙන්නුම් කරන අතර මෙතෙක් වර්ෂාව නොලැබූ ප්‍රදේශවලට වර්ෂාව පතිත වීමට ඉඩකඩ ඇත. එමෙන්ම සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව 2023 වසරේ පෙබරවාරි 18 ආශ්‍රිතව සහ පෙබරවාරි 18 වැනිදායින් පසුව එළඹෙන දින කිහිපය තුළ මහ සයුර රළු වීමට, මහ සයුර තුළ ප්‍රබල භූ කම්පා වර්ධනය වීමට සහ ලෝක මට්ටමෙන් සුළි කුණාටු ආදිය ඇති වීමට ඉඩකඩ ඇත. එමෙන්ම සමස්ත ග්‍රහ ගෝචරයන්ට අනුව 2023 වසරේ ජුනි 18 ආශ්‍රිත දිනවල සහ 2023 වසරේ නොවැම්බර් 4 වැනිදා අවට දිනවල මහ සයුර තුළ ප්‍රබල භූ කම්පා ඇති වීමට සහ මුහුද රළු වීමට ද ඉඩකඩ ඇත.
- ප්‍රවීණ ජ්‍යේෂවේදී පාරින්ද්‍ර සුගතදාස