OBSERVER SLT-MOBITEL ක්‍රිකට් සම්මාන උලෙ‌ෙළ් විශිෂ්ටතම පාසල් ක්‍රීඩකයා දුනිත් වෙල්ලාලගේ විශිෂ්ටතම පාසල් ක්‍රීඩිකාව විශ්මි ගුණරත්න | සිළුමිණ

OBSERVER SLT-MOBITEL ක්‍රිකට් සම්මාන උලෙ‌ෙළ් විශිෂ්ටතම පාසල් ක්‍රීඩකයා දුනිත් වෙල්ලාලගේ විශිෂ්ටතම පාසල් ක්‍රීඩිකාව විශ්මි ගුණරත්න

බ්සර්වර් - එස්එල්ටී මොබිටෙල් 2022 වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ දුනිත් වෙල්ලාලගේ සහ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ විශ්මි ගුණරත්න සම්මාන දිනාගනු ලැබීය.

ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත 44වැනි වරට සංවිධානය කළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් 15 වැනිදා පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ හිටපු ප්‍රවීණ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාය. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ විශිෂ්ටතම ක්‍රීඩකයාට ප්‍රධාන අමුත්තා විසින් සම්මාන පිරිනැමූ අයුරුය. ගෞරවනීය ආරාධිතයා වශයෙන් එයට එක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ ලේක්හවුස් ආයතනයේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ අනූෂ පැල්පිට, එස්එල්ටී මොබිටෙල් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක සහ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘ දිනේෂ් වීරවංශ ද මෙහි වේ.

(සටහන - බන්දුල ජයමාන්න / ඡායාරූපය - රුක්මාල් ගමගේ)

 

Comments