ශාෆ්ටර්ගේ ඝාතනයට 23කගෙන් සාක‍්ෂි සටහන් කර ගනියි | සිළුමිණ

ශාෆ්ටර්ගේ ඝාතනයට 23කගෙන් සාක‍්ෂි සටහන් කර ගනියි

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයන් 23 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
 
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බොරැල්ල පොලිස් ස්ථානය විසිනි.
 
මේ අතර, ශාෆ්ටර් මහතාගේ දේහය අද(17) ඒ මහතාගේ නිවස වෙත රැගෙන ගියේය. 
 
අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ ඇගිලි සළකුණු නිලධාරීන් අවශ්‍ය වෙනත් විද්‍යාත්මක සොයාගැනීමට කටයුතු කර තිබේ.
 
මෙම ඝාතනය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානය ප්‍රථමයෙන්ම විමර්ශන ආරම්භ කළා. මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සංවිධානාත්මක අපරාධ සහ මනුෂ්‍ය ඝාතන පිළිබඳ විමර්ශන කොට්ඨාසය එම කටයුතු  සිදුකරයි.
 
පැතිකඩවල් කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි. දුරකථන අංක, වි‍ශ්ලේෂණය සහ සීසීටීවී කැමරා දර්ශන නිරීක්ෂණය ද සිදු කෙරේ.
 
ශාෆ්ටර් මහතා මරණට පත්වුණේ, ඉකුත් 15 වැනිදා රාත්‍රියේදීය.

Comments