
ලේක්හවුස් ආයතනය විසින් නව සේවාවක් ලෙසින් ‘ලේක්හවුස් මූවර්ස්‘ භාණ්ඩ ප්‍රවාහන සේවාව පසුගියදා ආරම්භ කෙරිණි. එහිදී පළමු භාණ්ඩ තොගය ප්‍රවාහනය පිණිස සෝලා සමූහ ව්‍යාපාරයේ සභාපති චාමින්ද අබේගුණසේකර විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා ලේක්හවුස් ආයතනයේ සභාපති අනූෂ පැල්පිට වෙත බාර දුන් අයුරුයි මේ. එම අවස්ථාවට මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ ප්‍රභාත් මංජුල මාකුඹුර, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද එක් වූහ. කොළඹ - කතරගම බස් රථ සේවාවද මෙහිදී ආරම්භ කරන ලදී.