
දිවයිනේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (15) පැවැත්වුණු ඔබ්සර්වර් - SLT Mobitel සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මේලනයේ සභාපති තිලක් වත්තුහේවා ඇතුළු නිලධාරීන් විසින් වර්ජනය කිරීම මේ වන විට ඉමහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ.
එහිදී පාසල් ක්‍රිකට් සම්මේලන නිලධාරීන් සඳහා ඉදිරි පේළියේම අසුන් පනවා නොතිබීම මෙම වර්ජනයට හේතු වී ඇතැයි පැවසුවද සභාපතිවරයා ඇතුළු නිලධාරීන් 11 දෙනෙකුට ඉදිරි පෙළෙහිම අසුන් පනවා තිබිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක අරවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සම්මාන උලෙළේ ආරාධිතයන් වූයේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමතිවරයා මෙන්ම හිටපු අධ්‍යාපන ඇමතිවරයකු ද වන ආචාර්ය බන්දුල ගුණවර්ධන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්වරුන්ය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල හා කාන්තා ක්‍රිකට් පිල දැනටමත් නියෝජනය කරන දිනිත් වෙල්ලාලගේ හා විශ්මි ගුණරත්න හොඳම පාසල් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ මෙම උලෙළ වර්ජනය කිරීම තුළ පාසල් ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයා තමන් එම තනතුරට තබා කිසිදු වගකීමක් දැරීමට නුසුදුස්සකු බව තහවුරු කළ බව උලෙළට පැමිණි ඇතැම් ගුරු භවතුන්ගේ ද මතය වී තිබිණි.
මෙම වගකීම් විරහිත හැසිරීම පිළිබඳව අධ්‍යාපන ඇමතිවරයා දැඩි ක්‍රියා මාර්ගයක් ගනු ඇතැයි යන්න ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂාව වී තිබේ.