
ඕස්ට්‍රේලියාවේදී ලිංගික දූෂණ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් මහත්මිය අවසර ලබා දී තිබේ.
31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක මහතා ඊයේ (16) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත.
ගුණතිලක මහතාට උදව් කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයකුගේ නිවසේ ඔහු ජීවත්වන බවත් නීතිමය ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක් වනු ඇති බවත් ඒ හේතුවෙන් නව නිවසකට යාමට ඉඩ දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම සලකා බලමින් සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය ගුණතිලක මහතාට නව නිවසකට යාමට අවසර ලබා දී ඇත.
නැවත වරක් ජනවාරි 12 වැනිදා නඩුව කැඳවීමට නියමිත බව සදහන් වේ.
කෙසේ වෙතත් ඇප මත මුදාහැර සිටින ධනුෂ්ක ගුණතිලකට පහත කොන්දේසි අධිකරණය විසින් පනවා තිබේ.
සෑම දිනකම පොලිසියට වාර්තා කළ යුතුය.
සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා උදෑසන 6 දක්වා ඔහුට සංචරණ සීමා පනවා ඇත.
පැමිණිලිකාර පාර්ශවය සමග සබඳතා පැවැත්වීම තහනම් වේ.
Tinder හා අනෙකුත් Dating App ඇප් භාවිතය තහනම් කර තිබේ.
කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා හතරක් ගොනුකර තිබේ.
ලෝක කුසලාන 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින අතරතුර ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර දී අත්අඩංගුවට පත්විය.