දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන පුළුල් විමර්ශනයක් | සිළුමිණ

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන පුළුල් විමර්ශනයක්

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වන විට ක්‍රියාත්මකය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල කනත්තේ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
 
බොරැල්ල කනත්තේදී මෝටර් රථයක් තුළ ගෙළ සිරකර සිටි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ  දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට යොමු කෙරුණි. සිය මොටර් රථය තුළ ගෙල සිරකර සිටි ඔහුගේ දෑත් බැද තිබූ බව පොලිසිය පවසයි. 
 
ඔහු මෝටර් රථය තුලදී ශාරීරික හිරිහැරයකට ලක්ව ඇති බව බොරැල්ල පොලිසිය කළ මූලික විමර්ශනයකදී හෙළි විය. 
 
51 හැවිරිදි දිනේෂ් ෂාෆ්ටර් මහතා කුරුදුවත්ත මල්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය වෙත යොමු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
 
ඝාතනය සම්බන්ධයෙන් බොරැල්ල කනත්තේ සේවකයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදුවේ. 

Comments