තිළිණි ප්‍රියමාලිට ඇප | සිළුමිණ

තිළිණි ප්‍රියමාලිට ඇප

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තළිණි ප්‍රියමාලි දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයට එරෙහිව නඩු 09ක් ගොනු කර තිබූ අතර, ඉන් නඩු 08කට මීට පෙර අවස්ථා කිහිපයකදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඇප නියම කළේය.
 
ඒ අනුව අද ඇප නියම කළේ ඇයට එරෙහිව පැවති අවසන් නඩුවටය. 
 
එමෙන්ම, මෙම මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනාවට තිලිණි ප්‍රියමාලි මහත්මිය මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.
 
මේ අතර, මෙම සිද්ධියට අදාළව මූල්‍ය වංචා සහ වෙනත් චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බොරැල්ලේ සිරිසුමන හිමි, ඉසුරු සූරියබණ්ඩාර සහ කසුන් බණ්ඩාර යන සැකකරුවන්ට එරෙහි සියලු නඩුවලට මීට පෙර ඇප ලබාදුන්නේය. 
 
එමෙන්ම, මෙම සිද්ධියට අදාළව චෝදනා එල්ලවූ ජානකි සිරිවර්ධන මහත්මියට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩු දෙකකට ඇප නියම කළාය.
 
එහෙත්, මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවට අදාළව ජානකී සිරිවර්ධන මහත්මිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටියි. 
 

Comments