
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ SAGAR (කලාපයේ සියලුම රටවල ආරක්ෂාව හා සංවර්ධනය තහවුරු කිරීම) සංකල්පය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සමීප සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීමට ඉන්දියාව කැපවී සිටින බව ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් මහතා අවධාරණය කරයි.
පසුගියදා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සදහන් කළේය.