ජෝර්දානය හරහා ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ තවත් ජාවාරමක් | සිළුමිණ

ජෝර්දානය හරහා ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ තවත් ජාවාරමක්

ජෝර්දානය හුවමාරු මධ්‍යස්ථානයක් කර ගනිමින් විවිධ රටවල රැකියා සඳහා  නීතීවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමේ තවත් ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු ලැබී තිබේ.
 
මේ සම්බන්ධයෙන් කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් දැඩි අවධානය යොමුකිරීමට පියවර ගෙන ඇත. මෙවැනි ජාවාරම් පිළිබඳව නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා වේ.   
 
මෙවැනි අවදානම් සහගත අයුරින් විදේශ රැකියා සඳහා යොමු නොවන ලෙස හා මෙවැනි ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේසම්වන ලෙසත්, රැකියාවක් සඳහා විදේශ ගතවන්නේ නම් අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
මෙවැනි විදේශ රැකියා ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු  දන්නේ නම් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානය 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඇමතීමෙන් හෝ 0112864241 අංකය ඔස්සේ විමර්ශන අංශය අමතා තොරතුරු ලබාදෙන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
 
 

Comments