
කොල්ලුපිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදු වීමෙන් පසු රටින් පලා ගොස් සිටි මෝටර් රථයේ රියදුරා කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකාර රියදුරු මෙම අනතුර සිදු වූ ඉකුත් සෙනසුරාදා(10) උදෑසන කටුනායක ගුවන්තොටුපලෙන් ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් ඇති බවට අනාවරණය විය.
එම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් විසින් අධිකරණයෙන් විදේශ ගමන් තහනම් නියෝගයක් ලබාගෙන තිබු අතර, සැකකරු ඊයේ(12) රාත්‍රී කාලයේ විදේශගතව නැවත ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිය දී කටුනායක ගුවන්තොටුපලේ ආගමන හා විගමන නිලධාරීන් විසින් සිය බාරයට ගැනීමෙන් පසු පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.
සැකකරු කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ඇත. මෙම සැකකරු වයස අවුරුදු 26ක්වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන මේ සම්බන්ධයෙන් සිදු කරනු ලබයි.