අම්පාර හා මන්නාරම මහ නගර සභා ලෙස උසස් කෙරේ | සිළුමිණ

අම්පාර හා මන්නාරම මහ නගර සභා ලෙස උසස් කෙරේ

අම්පාර හා මන්නාරම නගර සභාව, මහ නගර සභාවක් උත්ශ්‍රේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
දැනට පවතින යටිතල පහසුකම් කාර්යාල පහසුකම් හා  මානව සම්පත් යොදා ගනිමින්, අමතර ප්‍රතිපාද වැය කිරීමකින් තොරව දිස්ත්‍රික්ක කිහිපයක නගර සභා ලෙස පවතින අගනගර මහ නගර සභා බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මීට පෙර පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබිණි.
 
මේ අනුව සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමේ පහසුව තකා අම්පාර හා මන්නාරම නගර සභා මහ නගර ලෙස උත්ශ්‍රේණිගත කිරීමට අවසර හිමි වී ඇත.

Comments