
මෙවර අය වැයේ සෑම අංශයක් ම ආවරණය වන ආකාරයට සකස් කර ඇත. මෙරට ආර්ථිකමය ගැටලුව 2019 වසර වනතෙක් නොතිබුණි. විදේශයෙන් සංචාරක කර්මාන්තය හරහා මෙරටට විශාල විදෙස් විනිමය ලැබිණි. විදෙස් ප්‍රේරණයන්ගෙන් ඇඟලුම් කර්මාන්තයෙන් ද විශාල ආදායමක් ලැබුණි. මේ සාමාන්‍ය ආකාරයට ආර්ථික ක්‍රමවේද ගලා යෑමේදී ඒ අතරතුර කොවිඩ් වසංග රෝගය පැතිර යෑම සිදු විය. එහිදි විදෙස් ආදායම් ලබන අංශ බිඳ වැටුණි. ඉන් අනතුරුව ඛනිජ තෙල් ගෑස් විදුලි බල ගැටලුව උග්‍ර විය.
මෙරට නිෂ්පාදිත අපනයන කරන ලද භාණ්ඩ අපට අවශ්‍ය වෙළෙඳපොළට ගෙන යෑමය නොහැකි වූ අවස්ථාවක් උදා විය. විදෙස් රටවල්වල ආනයනික භාණ්ඩවල මිල විශාල ලෙස ඉහළ යෑම ද ඒ අතර සිදු විය. මේ වැනි විශාල ආර්ථීක පීඩනයක් ඇති අවස්ථාවකදී මේ අය වැය ඉදිරිපත් කෙරිණි. මේ අය වැය ඉදිරිපත් කරන විට ජනතාවගේ පොදු අපේක්ෂාවන් නොව රටේ ආර්ථික සංවර්ධනයට අවධානය යොමු කරමින් මේ අය වැය සැකසිණි. විශේෂයෙන් අපි සැලකිය යුතු කරුණක් නම් මේ රටේ ආර්ථිකය දියුණු නොකර ජනතාවට සහන ලබාදිය නොහැකි බවය.
මේ රටේ 1948 වසරේ සිටම පැවැතියේ සහන දෙන අයවැයකි. සහනාධාර මඟින් ජිවත් වීම නොව මිනිසුන්ට උපයා ගෙන ජීවත් විය හැකි අය වැයක අවශ්‍යතාව කාලාන්තරයක් පුරා මේ රටේ පැවැතිණි. රට ආර්ථික වශයෙන් සංවර්ධනය කර ගැනීමට නම් ජනතාවට දිය යුත්තේ මාළුවෙක් නොව බිලී කොක්කකි. මේ අය වැයෙන් අවධාරණය විය යුත්තේ එයයි. ආර්ථිකය ප්‍රසාරණය කළ යුත්තේ රැකියා බිහි වන ආකාරයේ ආර්ථිකයක් බිහි කිරිමෙනි. මෙවර අය වැයේ අරමුණ වන්නේ එයයි. සහන දීමට වඩා ආර්ථිකය සංවර්ධනය කර ආර්ථිකය තුළ රැකියා බිහි කරමින් තමන්ට අවශ්‍ය ආර්ථිකයක් ගොඩනැඟෙන ආර්ථිකයක් ගොඩනැඟීම මේ අයවැයේ අරමුණයි.
විශේෂයෙන් තරුණයන් පිළිබඳව අවධානය යොමු කර ඇත අය-වැයකි. ජාතික තරුණ සේවා සභාවට සැලකිය යුතු ප්‍රතිපාදනයක් වෙන් කර තියෙනවා. අපි දන්නවා කොවිඩ් වසංගතයත් සමඟ අපිට විදෙස් රැකියා විශාල ප්‍රමාණයක් අහිමි විය. අපේ රටේ 1977 සිට විදෙස් රැකියා සඳහා පිටත් කර හරිනු ලැබුවේ නොපුහුණු සේවකයන්ය. එසේ නුපුහුණු සේවකයන් යැවීමෙන් ඒ අයට විවිධ තාඩන පීඩන වලට ලක් වීමට සිදු විය. ගෝලිය ආර්ථික ක්‍රියාවලියත් සමඟ නවීන තාක්ෂණය හුරුවක් අහිමි වීම එයට හේතුවයි. එසේම වැටුප සහ අනෙකුත් වරප්‍රසාද ගත් විට අපිට පුහුණු සේවකයන් පිටරට යැවීමේ හැකියාවක් ඇතොත් විශාල ආදායමක් ලැබීමට හැකියාවක් ඇත. විශේෂයෙන් පුහුණු සේවයක් සඳහා අපිට විශාල අදායම් ලබාගැනීමේ හැකියාවක් ඇත. මැද පෙරදිග පමණක් අරමුණු නොකර වෙනත් රටවලට වෘත්තිය පුහුණුව ලබාදිය හැකි නම් එය ඉතා වැදගත් වෙයි. මෙවර අය වැයෙන් එවැනි අරමුණු පෙරදැරිව තරුණ සේවා සභාවට සැලකිය යුතු ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීම සිදු කර ඇත්තේ 1977 වසරෙන් පසුවයි. වාර්ෂිකව ලක්ෂ පහක් පමණ ප්‍රමාණයක් උසස්පෙළට මුහුණ දෙන අතර එයින් ලක්ෂයක් විශ්වවිද්‍යාලයට තේරෙයි. එහිදී අතරමං වන පිරිසට වෘත්තිය පුහුණුවක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම ජාතික තරුණ සේවා සභාවේ අරමුණකි. ඒ හෙයින් අයවැයෙන් යම් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීම රටේ අනාගත සංවර්ධනයට වැදගත් වෙයි.
එසේම මෙවර අය වැයේ වැඩියෙන් කතාබහට ලක් වන කරුණ බදු පිළිබඳ ඇති සංශෝධනයයි. බදු නැතිව රජයක් පවත්වා ගෙන යා නොහැකියි. එහෙත් දැනට බදු ප්‍රතිපත්තියේ ප්‍රධාන ප්‍රශ්න වෙයි. එයට හේතුව බදු වැඩි කිරීම කරන්නේ රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්ය. මේ බදු දැලට හසු නොවන; බදු නොගෙවන පිරිසක් වෙයි. එසේ නම් බදු පදනම වෙනසක් කළ යුතුයි. මේ ව්‍යාපාරිකයන්ගෙන් විශාල ප්‍රමාණයකින් බදු රැස්කර ගැනීමේ හැකියාවක් ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව එක් හේතුවකි. තවත් හේතුවක් වන්නේ බදු එක් රැස් කර ගැනීමේදී ඇති බදු ක්‍රමයේ සංකීර්ණත්වයයි. හැමදාම බදු ගෙවන අයගෙන් බදු මුදල වැඩි කිරීම නොව කළ යුතු වන්නේ බදු නොගෙවන අය බදු දැලට හසු කරගැනීමට බදු පදනම වෙනස් කිරීමයි. බදු ගෙවීමට ඔවුන් යොමු කර ගැනීමයි.
සමෘද්ධි සහනාධාර පිළිබඳ මෙහිදී අවධානය යොමුකර ඇත. වර්තමානයේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විශාල ප්‍රමාණයක් බිඳ වැටී ඇත. එක්තරා ආකාරයට සමාජයේ පහළම ස්ථර වල පිරිසට යම් සහනයක් ලැබීමට අවශ්‍යයි. භාණ්ඩ සහ සේවා ගාස්තු මේ වනවිට විශාල ලෙස මිල ඉහළ ගොස් ඇත. නමුත් ජනතාවට වැටුප් වැඩි වීමක් සිදු වී නැත. ඒ හෙයින් සමෘද්ධි සහනාධාර ලබන පාර්ශ්ව සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වෙයි.
1977 පසුව ආයෝජන ප්‍රවර්ධන කලාප පිහිටු වීම සිදු විය. ඊට ප්‍රධාන හේතුව 1970 සහ 1977 කාලයේදි ලංකාවේ ආවෘත ආර්ථික ප්‍රතිපත්තියක් පැවැතීමයි. විදෙස් වලින් ලැබෙන ආධාර අඩු විය. එහි රටක් ලෙස අප විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් ආනයනය කර දේශීය නිෂ්පාදන කිරීම අවම කරන ලදී. ඒ අවස්ථාවේදී ලෝක වෙළෙඳපොළේ පැවැති භාණ්ඩ මිල වැඩි වීම ඛනිජ තෙල් මිල වැඩි වීම වැනි හේතු නිසා ලංකාවට මෙය විශාල ලෙස බලපාන ලදී. ඒනිසා විශාල වශයෙන් සේවා වියුක්තිය වැඩිවිම, නිෂ්පාදනය අඩුවීම, ඉතුරුම් අඩුවීම. උද්ධමනය වැඩි වීම සිදු විය. ආවෘත විවෘත ප්‍රතිපත්තිය යටතේ විදෙස් ආයෝජන ගලා ඒම අඩු විය. ඒනිසා 1978 පසුව නිදහස් වෙළෙඳ කලාප පිහිටුවා විදෙස් ඍජු ආයෝජන සඳහා බදු සහන ලබාදීම සිදු කරනු ලැබිණි. බදු සහන ලබාදිමේ අපේක්ෂාව වන්නේ විදෙස් ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීමෙන් ලංකාවේ සේවා නියුක්ත ඇති කිරීමයි.එහිදි ඇතැම් අමුද්‍රව්‍ය පාවිච්චි කර රටේ ආර්ථික සංවර්ධනයට භාවිත කිරීමට හැකිවිය. ඒ සමඟම ලංකාවේ නිෂ්පාදිත දේශිය කර්මාන්තවල භාණ්ඩවලට විදේශිය වෙළෙඳපොළේ තරග කිරීමට හැකියාව අඩු වූයේ ගුණාත්මක භාවයේ පැවැති අඩු පාඩුකම්ය. නමුත් විදෙස් ඍජු ආයෝජන ගලා ඒමෙන් අනතුරුව අපේ කර්මාන්ත ද එම විදෙස් වෙළෙඳපොළ තරගයට මුහුණ දෙන ලදී. එම තරගකාරීත්වය සමඟ නිෂ්පාදනයන්ගේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීමට හැකි විය. ආයෝජන කලාප පිහිටු වීම මඟින් සිදු කෙරෙන්නේ කුමක්ද? එහිදී සිදුවන්නේ විදෙස් ආයෝජකයන් ලංකාවට පැමිණිම, භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කිරීම සහ අතිරික්ත ක්‍රමය භාවිත කිරීම ආරම්භ වීමත් සමඟ ලෝක වෙළෙඳපොළට යෑමට හැකියාව ලැබීමයි. ලංකාවේ නිෂ්පාදනවලටත් විදෙස් වෙළෙඳපොළට යෑමට සහ තරග කිරීමේ හැකියාව එමඟින් උදා වෙයි. අනෙක් කරුණ නම් තාක්ෂණික දැනුම වැනි දේවල් ලංකාවට පැමිණෙයි. ඇත්ත වශයෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ දි පිරිවැය අඩු කර ගැනීමට හැකියාව ලැබෙයි. එම නිසා මෙවැනි යෝජනා ඉතා වැදගත් වෙයි. මෙමඟින් ඩොලර් ඉපැයීමෙන් රුපියලේ අගය වැඩි වීම සිදු වෙයි. අපනයන ආදායම් වැඩි වීම මඟින් ආනයන වියදම් අඩු වෙයි.
එසේම පාසල් 1000ක අන්තර්ජාල පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ඇති යෝජනාව වැදගත් වෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුදල් වැඩි කිරීම සිදු කර ඇත. ග්‍රාමීය ප්‍රදේශවලට පාසල් තිබුණත් අධ්‍යාපනය ලබා දීමට හැකි ගුරුවරුන් නොවෙයි. ගුරුවරු නැති නම් ශිෂ්‍යයන් විශාල අසාධාරණයක් සිදු වෙයි. මේ යෝජනා මඟින් ග්‍රාමීය ළමුන් වුවත් තාක්ෂණයට හුරු වීම සහ අධ්‍යාපන දැනුම ලබා ගැනීමට හැකියාව ලැබෙයි. ගෝලීයකරණය යටතේ අපිට තාක්ෂණය දියුණු කිරීම අවශ්‍ය වෙයි. රැකියාවට යන විට ලංකාවේ පමණක් නොව විදෙස් රැකියාවන්ට යොමු වීමට දැනුම ලබා ගැනීම අන්තර්ජාලය උපකාරය ලබා ගැනීමේ හැකියාව ඇත. ඒ සඳහා දරුවන්ට භාෂා දැනුම සහ තොරතුරු තාක්ෂණික දැනුම ඉතා වැදගත් වෙයි. අන්තර්ජාල පහසුකම් සියලු පාසල් වලට ලබා දිය හැකි නම් මීට වඩා අධ්‍යාපනය දියුණු කිරීමට හැකි වෙයි. එසේම මෙරට 2%ක් ව්‍යාවසායකයන් වෙයි. විදෙස් රටවල් ගත් විට තායිලන්තය වැනි රටවල ඒ අයගේ 15-20%ක් වි පමණ වෙයි. එසේම පෞද්ගලික අංශයට තරුණ ස්ත්‍රීන්ට ණයක් ලෙස රුපියල් 250000 ණයක් ලබා දීමේ යෝජනාවක් වෙයි. කුඩා හෝ මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය දියුණු කිරීම ඉතා වැදගත් වෙයි. එසේම නිෂ්පාදන අලෙවි කර ගැනීමට හැකි වෙළෙඳපොළක් නිර්මාණය කළ යුතුයි. රජයක් මැදිහත් විය යුත්තේ ඒ සඳහා පහසුකම් සැපයීමටයි. නිරායාසයෙන් ව්‍යවසායකයන් බිහි වීම එවිට සිදු වෙයි. මේ ව්‍යවසායකයන් බිහි කිරීමට පෙර අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. අධ්‍යාපනය තුළ දිය යුතු වන්නේ ජීවත් වන ජීවන මාර්ගයක් සකස් කරන්නේ කුමනාකාර ක්‍රමවේදයක් මඟින්ද යන්න පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති කරන දැනුමයි. පළමුවැනි පන්තියේ සිට මෙය ළමයාගේ මනසට ඇතුළත් කළ යුතුයි. අපි මේ අධ්‍යාපනය ලබා දෙන්නේ රජයේ රැකියාවක් ලබා ගැනීමට පමණක්ය යන ආකල්පමය වෙනස ඇති කළ යුතුයි. වෘත්තීය අනන්‍යතාවක් ඇති කර ගත හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුයි. එසේ ම භාෂා සාක්ෂරතාව සහ තොරතුරු තාක්ෂණය පිළිබඳව යම් අවධානයක් යොමු කළ යුතුයි. එසේ ම විදෙස් භාෂාවන් පාසල ඔස්සේ ලබාදෙන ක්‍රමවේදයක් සැකසීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුතුයි. බටහිර රටවල වෘත්තිය අතර වෙනසක් නොවෙයි. ඒ ක්‍රමවේදය අපේ රටවලත් ඇති කළ යුතුයි. පහත් රැකියා උසස් රැකියා යන පරතරය පිළිබඳ ආකාල්පමය දියුණුවක් ඇති කළ යුතුයි. සියලු දෙනාගේම වෘත්තියට වටිනාකමක් දීම රජයේ කාර්ය භාරයයි. වෘත්තිමය ඇගැයීම සමානාත්මතාව අවශ්‍යයි.
අවධානය යොමු කළ යුතු ඉතා වැදගත් ක්ෂේත්‍රයක් ලෙස සංචාරක කර්මාන්තය හැඳින්විය හැකියි. මේ සංචාරක කර්මාන්තය යනු ආර්ථික වර්ධනයේ එන්ජිම ලෙස හඳුන්වාදිය හැකියි. කොවිඩ් පැතිරීමට පෙර වෙරළ බඩ තීරයේ විශාල පවුල් ප්‍රමාණයක් ජීවත් වූයේ සංචාරක ව්‍යාපාරය මඟිනි. එය නැවත නඟා සිටුවීම වැදගත් වෙයි. දේශීය වශයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආහාර අපේ සංස්කෘතික උරුමයන් වෙත විදේශිකයන්ට හුරු කළ යුතුයි, සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන් විසින් දේශීය අනන්‍යතාවට වඩා වැඩි ඉඩකඩක් ලබා දිමට කටයුතු කළ යුතුයි. එහිදී තානාපති සේවාවන් සඳහා යෙදවිය යුතු වන්නේ රටට ආදරය කරන, මේ රට සංවර්ධනය කිරීමට කටයුතු කරන පිරිසක් විය යුතුයි. එසේම රටේ සංවර්ධන කර්මාන්තය ප්‍රවර්ධනයට භාණ්ඩ සේවා අලෙවි කිරිමට අවශ්‍ය යෙදවුම් සකස් කළ යුතුයි.
විශේෂයෙන් ලංකාවේ ශ්‍රම ඵලදායිතාව ඉතා අඩුමට්ටමක පවති. එයට හේතු රජයේ රැකියාවල නිරත වන ඇතැමුන් සුදුසුකම්වලට වඩා දේශපාලන බලපෑම් මත වෙයි. වඩා ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට සුදුසුකම් ඇති නිලධාරීන් දේශපාලන බලපෑමෙන් තොරව බඳවා ගැනීමට කටයුතු කළ යුතුයි. ජාතික ඵලදායිතා කොමිෂන් සභාව මඟින් කළ යුත්තේ සේවකයන්ට ආයතනය රැකීමෙන් රටත් සහ අපිත් රැකෙන බව අවබෝධ යක් ලබාදීමයි. ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් මඟින් දිය යුත්තේ ප්‍රධානියා සහ සේවකයන් දක්වා ඵලදායිතාව වර්ධනය කරන ආකාරය පිළිබඳව පුහුණුවක් ලබා දීමයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමේ බලය නිලධාරීන් සතු වෙයි. එසේ නම් එම නිලධාරීන් එය ක්‍රියාත්මක කරනවාද යන්න ගැන අධික්ෂණයක් තිබිය යුතුයි. නිලධාරීන් අධික්ෂණය කිරිමේ බලය ඇමැතිවරුන් සතු වෙයි. මේ පැලැන්ති දෙකම දේශපාලන සහ රට සංවර්ධනය යන දෙකොටස වෙන් කොට හඳුනා ගත යුතුයි. විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී නිර්දේශපාලනික විය යුතුයි.
කෘෂිකර්ම ක්ෂේත්‍රය වුවත් ක්‍රමානුකූලව වෙනස් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර සහන අය වැයක අපේක්ෂාවට වඩා ජනතාවට යම් ජාතික වගකීමක් මෙවර පැවරී ඇත. එනම් රට නැවත යථා තත්ත්වයට පත් කරගැනීමයි. රට ආර්ථිකය ප්‍රසාරණය සිදු වූවායින් පසුව තමන්ට අවශ්‍ය දේ ආර්ථීකය තුළ උපයා ගෙන ජීවත් වීමට අවකාශ සැලසීම මේ අය වැයේ ඇති සුවිශේෂ අරමුණයි.