
ඔබ්සර්වර් - SLT මොබිටෙල් වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තිළිණ ප්‍රදානය කිරීම 15 වැනිදා බ්‍රහස්පතින්දා පස්වරු 5.30ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්වේ.
ලේක්හවුස් ආයතනය මේ උත්සවය සංවිධානය කරනු ලබන්නේ 44 වෙනි වරටය. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන්නේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ය.