
ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු එස් එම් ඩී එල් කේ ඩී අල්විස් මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන ඉංජිනේරු, එස් එම් ඩී එල් කේ ඩී අල්විස් මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පත් කරනු ලැබ ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ඇමතිවරයා විසින් නව සභාපතිවරයා වෙත පිරිනැමීම ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශ කාර්යාලයේදී සිදු කරන ලදි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ධුරයට පත් අල්විස් මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු මෙන්ම ප්‍රවාහන අමාත්‍යංශයේ හිටපු ලේකම් වරයෙකු ලෙසද කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.