2023 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි | සිළුමිණ

2023 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

2023 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 43 කින් පාර්ලිමේන්තුවේදී අද (08) සම්මත විය.
 
පනත් කෙටුම්පතට පක්ෂව මන්ත්‍රීවරුන් 123 දෙනෙකු ද විපක්ෂව 80 දෙනෙකු ද මන්ත්‍රීවරුන් 02 දෙනෙකු ද ඡන්දය ප්‍රකාශ කළ අයෙකු විය.
 
සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, ජී එල් පීරිස් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු විසර්ජන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය දුන්හ.
 
 2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2022 නොවැම්බර් 14 වැනිදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Comments