“මැන් ඩුවොස්” හේතුවෙන් වෙනස් වන කාලගුණය | සිළුමිණ

“මැන් ඩුවොස්” හේතුවෙන් වෙනස් වන කාලගුණය

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 370ක් පමණ නැගෙනහිර දෙසින්)පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට (“මැන් ඩුවොස්”) වර්ධනය වී ඊයේ රාත්‍රී 11.30 වන විට අක්ෂාංශ 9.2N සහදේශාංශ 84.6Eආසන්නයේ ස්ථානගතව පැවතුන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
 
එය තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 09 රාත්‍රී කාලය වන විට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට ද වාර්තා වෙයි
 
මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතී.
 
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවේ. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි. මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.
 
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තු වේ.
 
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

Comments