හදිසියේ පාසල් නිවාඩුවක් | සිළුමිණ

හදිසියේ පාසල් නිවාඩුවක්

හෙට (09) දිනයේ සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි. 
 
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදු කළ විමසීමෙන් පසුව පවතින දේශගුණික තත්ත්වය මත මෙම තීරණය ගත් බවය.
 
මේ අතර රජයේ පාසල් පිළිබඳ ගෙන ඇති තීරණය අනුව දිවයින පුරා පිහිටි කතෝලික පාසල් සඳහා ද හෙට (09) දිනයේ විශේෂ නිවාඩුවක් ලබාදීමට පියවර ගෙන තිබේ.
 
බෙංගාල බොක්කේ හටගෙන ඇති කුණාටු තත්වයක් හේතුවෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු සහිත වාතය ශ්‍රී ලංකාවට ඉහළ වායුගෝලයට පැමිණීම හේතුවෙන් රට පුරාම දිවා කාල‍යේ දී ද අඳුරු ස්වභාවයක් හටගෙන ඇත. සෞඛ්‍ය අංශ නිවේදනය කළේ මෙම වායුගෝලයේ දූෂිත තත්වය මිනිස් සිරුරට හානිකර මට්ටම පවා ඉක්මවා ඇති බවයි. ඒ හේතුවෙන් ශ්වසන රෝග ඇතිවිය හැකි බවත් හෘද රෝගීන් ඇතුළු වයස්ගත පුද්ගලයන්ට හානි සිදුවිය හැකි බවත් නිවේදනය කෙරිණි. එබැවින් නිවෙස්වලට ම වී සිටින ලෙස ද දැනුම් දී තිබිණි.

Comments