ඉන්ධන වෙනුවෙන් වූ QR කේත ක්‍රමය දිගටම | සිළුමිණ

ඉන්ධන වෙනුවෙන් වූ QR කේත ක්‍රමය දිගටම

ඉන්ධන බෙදාහැරීමේ කිව්.ආර්. කේත ක්‍රමය ලබන මාසයේ සිට ඉවත් කිරීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
 
රටට අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ධාරිතාව ලැබෙන තෙක් කිව්.ආර් පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කරයි.  
 
කිව්.ආර්. කේත ක්‍රමය ඉවත් කරන බවට පැතිර යන ආරංචි සත්‍යයෙන් තොර ඒව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 

Comments