සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - මංගල යෝග

සඳු ගමන් කරන්නේ 7, 8 සහ 9 වැන්න මතිනි. සාමාජීය විශ්වාසය ගොඩනැඟෙන, මංගල යෝග උදාවන සහ යුග ජීවිතය සතුටින් ගත කරන සතියකි. ව්‍යාපාර හා රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන හිමි වේ. විදේශ ගමන් සඵල වේ. පුණ්‍ය කටයුතුවල නියැළෙන්නට අවස්ථා යෙදේ. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට හැකි ග්‍රහබල පවතී. මුත්‍රා ආසාදන, අජීර්ණ, කලවා, දණහිස් වේදනා මෙන්ම අලාභ හානි, සතුරු කරදර අසන්නට ලැබෙයි. සතියේ අපල අවම කර ගැනීමට පිළිකා රෝගියකුට උපකාර කරන්න.

•අය 11, වැය 5, සුබ අංක 7 සහ 9, සුබ වර්ණය රතු, සුබ දවස් අඟහරුවාදා සහ ඉරිදා

වෘෂභ - ව්‍යාපාර ලාබ

 සඳු ගමන් කරන්නේ කේන්ද්‍රයේ 6, 7 සහ 8 වැන්න හරහාය. ආරම්භය සතුටුදායක නොවේ. හදිසියේ සුළු අනතුරු, අලාභ හානි සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. මැද කොටසේදී යහපත් අයුරින් ගෘහ ජීවිතය ගත කරන්නට හැකිවේ. විවාහ යෝජනා ස්ථිර වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබයි. රැකීරක්ෂා, ව්‍යාපාරවලින් ලාබ ගෙන දෙයි. අවසාන දින දෙක ද තරමක් අපල බාධක සහිතය. සතියේ අපල අවම කර ගැනීමට සිකුරාදා දවස නිර්මාංශ වන්න. සතිය ආරම්භක සඳුදා දින බෝධියක් අබියස සුදු මල් පූජා කර පත්තිනි මෑණියන්ට පින් දෙන්න.

අය 5, වැය 7, සුබ අංකය 6, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස් බදාදා සහ සිකුරාදා

මිථුන - අධ්‍යාපනික ජයග්‍රහණ

සඳු ගමන් කරන්නේ ඔබගේ කේන්ද්‍රයේ 5, 6 සහ 7 වැන්න මතිනි. ආරම්භය සතුටුදායකය. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ ජයග්‍රහණ අසන්නට ලැබෙයි. රැකී රක්ෂා දියුණු වෙයි. පුණ්‍ය කටයුතුවලට සහභාගී වන්නට ලැබෙයි. ගෘහ ජීවිතය සාමකාමී වේ. සතුන්ගේ කරදර, ලෙඩ දුක්, සතුරු පීඩාවලට ද ඉඩ ඇත. සතියේ අපල අවම කර ගැනීමට සතියේ ආරම්භක දින නිර්මාංශ වී දුර්වල නැති බැරි අයකුට කෑම පාර්සලයක් පරිත්‍යාග කරන්න.

•අය 5, වැය 3, සුබ අංක 3 සහ 5, සුබ වර්ණ කොළ සහ කහ, සුබ දවස් බදාදා සහ සිකුරාදා

කටක - පදිංචි ස්ථානයේ දියුණුව

සඳු ගමන් කරන්නේ 4, 5 සහ 6 වැන්න මතිනි. නිවෙසේ අලුත්වැඩියාව, පදිංචි ස්ථානයේ දියුණුව සැලසෙයි. ගෘහ ජීවිතය සාමයෙන් ගෙවෙයි. දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ, රැකියා ව්‍යාපාරවලින් ආදායම් හිමි වෙයි. පුණ්‍ය කටයුතුවලට සහභාගී වන්නට අවස්ථාව උදාවේ. සතිය අවසානයේ රෝගියකු වෙනුවෙන් වෙහෙසෙන්නට සිදු විය හැකිය. අසනීප, කරදර, අපල මගහරවා ගැනීමට සඳුදා දිනයේදී නිර්මාංශ වී වෙල් මාළුන්ට කෑම දෙන්න.

•අය 8, වැය 7, සුබ අංක 7 සහ 9, සුබ වර්ණය සුදු, සුබ දවස් සඳුදා සහ සිකුරාදා

සිංහ - ප්‍රීතිමත් සතියක්

සඳු ගමන් කරන්නේ 3, 4 සහ 5 වැන්න හරහාය. සහෝදරයන්ගෙන් උපකාර ලැබෙන, සහජ දක්ෂතාවලින් ප්‍රයෝජන ගන්නා සතියකි. ගේ දොර අලුත්වැඩියා කිරීම්, මල් වැවීම්වලට යොමු වෙයි. දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනික කටයුතු වර්ධනය වෙන අතර ඔවුන්ගේ කලා කුසලතාවලට ඇගයීම් හිමිවේ. ගෘහ ජීවිතය සාමකාමී වේ. ප්‍රිය සම්භාෂණවලට සහභාගී වන්නට අවස්ථාව ලැබේ. රැකියා කටයුතු දියුණු වේ.

•අය 7, වැය 4, සුබ අංක 1 සහ 4, සුබ වර්ණය රතු, සුබ දවස් අඟහරුවාදා සහ ඉරිදා

කන්‍යා - ධන ලාභ

සඳු ගමන් කරන්නේ 2, 3 සහ සිවුවැන්න මතිනි. ආරම්භයේදී ධන ලාභ හිමි වීමේ ප්‍රවණතාවක් ඇත. තම වචනයට අන්‍යයන් තුළ පැහැදීම ඇති වෙයි. සොයුරු සොයුරියන්ගෙන් මවුපියන්ගෙන් උපකාර හිමි වෙයි. උරුම හිමිකම්, දේපළ ගැටලු විසඳෙන ලකුණු ඇත. ගෘහ ජීවිතය සතුටින් ගෙවයි. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සපල වෙන ග්‍රහබල ඇත. සෙම් රෝග, උරහිස් වේදනා මතු කරයි. සතියේ අපල අවම කර ගැනීමට ආරම්භයේ සඳුදා දින නිර්මාංශව සිට සුදු සහ නිල් පැහැ මල් පුදා දෙවියන්ට පින් දී අන්තරාය නිවාරණ පිරිත කියන්න.

•අය 11, වැය 11, සුබ අංක 3 සහ 5, සුබ වර්ණය කොළ, සුබ දවස් බදාදා සහ සිකුරාදා

තුලා - ලොතරැයි දිනුම්

සඳු ගමන් කරන්නේ ලග්නය 2 සහ 3 වැන්න මතිනි. ආරම්භය සතුටුදායකය. පිළිගැනීම, ගෞරවය හිමිවේ. මවු පාර්ශ්වයෙන් සොහොයුරු සොයුරියන්ගෙන් උපකාර ලැබේ. ගෘහ ජීවිතය සාමකාමී වන අතර රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. සෙම් රෝග, ඇස් අමාරු, මුඛ රෝග, උරහිස් වේදනා මතු කරයි. සතියේ අපල අවම කර ගැනීමට ආරම්භක සඳුදා දින චෛත්‍යයක් අබියස කිහිප වර්ණයකින් යුත් මල් පූජා කර දෙවියන්ට පින් දෙන්න.

•අය 5, වැය 4, සුබ අංකය 6, සුබ වර්ණ සුදු සහ ක්‍රීම්, සුබ දවස් සිකුරාදා සහ සෙනසුරාදා

වෘශ්චික - මිශ්‍රපල සහිතයි

සඳු ගමන් කරන්නේ ඔබගේ කේන්ද්‍රයේ 12 ලග්නය සහ දෙවැන්න මතිනි. ආරම්භයේදී වියදම් වැඩි කෙරෙන කටයුතු යෙදේ. ඉන්පසු ගෘහ ජීවිතය සතුටින් පවත්වා ගත හැකි අතර රැකි රක්ෂා, ව්‍යාපාර කටයුතුවලින් ආදායම් ලැබෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. පා ඇඟිලිවල වේදනා, සෙම් රෝග, මුහුණු අවට ඉන්ද්‍රියන්ගේ අසනීප මතුවේ. සතියේ අපල අවම කර ගැනීමට අඟහරුවාදා දින නිර්මාංශ වන්න. බෝධියක් අබියස රතු මල් ටිකක් පූජා කර කතරගම දෙවියන්ට පින් දෙන්න. සතියේ අපල අවම කර ගැනීමට අඟහරුවාදා දින නිර්මාංශ වන්න.

•අය 8, වැය 7, සුබ අංක 4 සහ 5, සුබ වර්ණය රතු, සුබ දවස් - අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා

ධනු - ලැබීම් සහිතයි

සඳු ගමන් කරන්නේ ඔබගේ කේන්ද්‍රයේ 11, 12 සහ ලග්නය මතිනි. ආරම්භය සතුටුදායකය. ලැබීම් සහිතය. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. තෙවන දිනයේදී වියදම් වැඩි සහ නීතිමය කරුණුවලට මුහුණ දීමට සිදුවේ. පසුව කරුණු යහපත් අතට හැරේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. පාදවල වේදනා ඇතිවේ. ඇවිදිලි වැඩිවේ. සෙම් රෝග මතු කරයි. සතියේ අපල අවම කර ගැනීමට ආරම්භක සඳුදා දින උදේ (සුදු කහ) මල් පහන් පුදා දෙවියන්ට පින් දී යන්න. බ්‍රහස්පතින්දා දින භික්ෂූන් වහන්සේලාට ගිලන්පස පූජා කරන්න.

•අය 5, වැය 4, සුබ අංක 6 , 8, සුබ වර්ණය කහ, සුබ දවස් ඉරිදා සහ බදාදා

මකර - සාමකාමී ගෘහ ජීවිතයක්

සඳු ගමන් කරන්නේ 10, 11 සහ 12 වැන්න මතිනි. රැකි රක්ෂා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන හිමිවෙන අතර ගෘහ ජීවිතයේ සමගිය පවත්වා ගත හැකිය. දරුවන් අධ්‍යාපන කටයුතුවලින් සුබ ප්‍රතිඵල පෙන්වයි. සතිය අවසානයේ වියදම් වැඩිවේ. සමීපතම හිතවත් අයගෙන් කරදර සිදු වීමට ඉඩ ඇත. පාදවල වේදනා සහ සෙම් රෝග මතුවිය හැකිය. සතියේ අපල අවම කර ගැනීමට පක්ෂීන්ට, කපුටන්ට ආහාර දෙන්න.

•අය 5, වැය 4, සුබ අංකය 9, සුබ වර්ණය නිල්, සුබ දවස් සිකුරාදා සහ සෙනසුරාදා

කුම්භ - යාන වාහන ලැබීම්

සඳු ගමන් කරන්නේ 9, 10, 11 යන භාවයන් හරහාය. ආරම්භයේදී පුණ්‍ය කටයුතුවලට දායක වන්නට ලැබෙයි. රැකියා අවස්ථා වෙනුවෙන් වැඩියෙන් ඇවිදින්නට සිදු වූවත් ලාභ ප්‍රයෝජන හිමි වෙයි. ගෘහ ජීවිතය සාමයෙන් ගෙවන්නට හැකි වන අතර ආර්ථිකමය ලාභ, මිල මුදල්, වාන වාහන හිමි වෙන ග්‍රහබල පවතී. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු හොඳින් කරගෙන යෑමට හැකියාව ඇත. සතියේ අපල අවම කර ගැනීමට සඳුදා දිනයේ වැඩිපුර සුදු මල් සහ අනෙකුත් පාට මල් පූජා කර පන්සිල් ගෙන ග්‍රහ සෙත් ශාන්ති කවි කියන්න.

•අය 5, වැය 3, සුබ අංක 8 සහ 9, සුබ වර්ණ - නිල්, සුබ දවස් සිකුරාදා සහ සෙනසුරාදා

මීන - දරුවන්ගේ දියුණුව සැලසෙයි

 සඳු ගමන් කරන්නේ 8, 9 සහ 10 වැන්න හරහාය. ආරම්භක දින දෙක අසනීප කරදර මතු කරයි. ඉන්පසුව සුබ අතට හැරේ. පුණ්‍ය කටයුතුවලට සහභාගි වන්නට ලැබේ. රැකි රක්ෂාවල දියුණුව සැලසෙන අතර, දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් වේ. අජීර්ණ ගති, කෙණ්ඩාවල වේදනා මතු කරයි. සතියේ අපල අවම කර ගැනීමට ජලජ ජීවීන්ට ආහාර දෙන්න.

•අය 8, වැය 11, සුබ අංක 3 සහ 9, සුබ වර්ණය කහ, සුබ දවස් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා

Comments