රුසියානු සාහිත්‍ය උලෙළ නොවැම්බර් 30 කොළඹදී | සිළුමිණ

රුසියානු සාහිත්‍ය උලෙළ නොවැම්බර් 30 කොළඹදී

කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු කවය සංවිධානය කරන රුසියානු සාහිත්‍ය උලෙළ නොවැම්බර් 30 පස්වරු 3ට කොළඹ රුසියානු මන්දිර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මෙවර එහි තේමාව වන්නේ ආසියාවේ දගෙස්තාන කවි රසුල් ගම්සාතොව් ජන්ම ශත සංවත්සර වර්ෂාරම්භයයි. ඒ නිමිත්තෙන් රුසියානු කවි සැඳැවක් ද පැවැත්වේ එහි මුලසුන දරනු ලබන්නේ චූලානන්ද සමරනායකය.

රුසියානු සාහිත්‍ය මෙරට ප්‍රචලිත කිරීමේ දි සිදු කරන ලද මෙහෙවර වෙනුවෙන් ලියෝ තෝල්ස්තෝයි සම්මානය මෙවර පිරිනමන්නේ පසන් කොඩිකාර (දිවංගත) සහ මහින්ද සෙනරත් ගමගේටය.

Comments