පොහොර ගැටලු කියන්න තවත් දුරකථන අංක 04ක් | සිළුමිණ

පොහොර ගැටලු කියන්න තවත් දුරකථන අංක 04ක්

පොහොර බෙදාහැරීම පිළිබඳව ගොවි ජනතාවට යම් ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව පැමිණිලි කිරීම සදහා අද (18)  සිට තවත් දුරකථන අංක 04ක් කෘෂිකර්ම අමාත්‍යාංශය හඳුන්වා දී ඇත. 
 
ඒ අනුව දුරකතන අංක  077 - 3497565 ( ධම්මිකා එදිරිසූරිය මිය - සහකාර අධ්‍යක්ෂ)071 - 2962006 (ජී.අයි.ඩී.අයි. සංජීව මහතා - සහකාර අධ්‍යක්ෂ) සහ 071 – 8614557 /070 - 6664550 -චන්දන් මහතා - කොමසාරිස්(සේවා) වෙත ඇමැතීමෙන් අදාල ගැටලුව දැන්වීමට ගොවීන්ට හැකිවේ. 
 
 මහ කන්නයේ පොහොර බෙදාහැරීම් කටයුතු අවසන් වන තෙක් ඒ සම්බන්ධව කටයුතු කරන සියලු නිලධාරීන්ගේ නිවාඩු ලබා ගැනීම අවලංගු කරන ලෙසත්, ඉරිදා, සෙනසුරාදා සහ වෙනත් නිවාඩු දිනවල පවා මෙම කටයුතු අවසන් වන තෙක් සේවය සඳහා වාර්තා කරන ලෙසත් කෘෂීකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඉල්ලීමක් කර තිබේ.
 
යුරියා පොහොර පිළිබඳ මෙන්ම ගොවිජන මධ්‍යස්ථානවල නිලධාරින් හා සේවකයින් ගොවි ජනතාවට හිරිහැරවන ලෙස කටයුතු කරන්නේ නම් දැනුම් දෙන ලෙස දුරකතන අංක 0718714219( චන්දන ලොකුහේවාගේ මහතා - අධ්‍යක්ෂ - ජාතික පොහොර ලේකම් කාර්යාලය.) මෙයට පෙර හඳුන්වා දී තිබේ.
 
(බුද්ධිකා ඉඹුලාන)

Comments