
ඊයේ (14) දිනයේ අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් මේ වන විට අධිකරණයට රැගෙන විත් තිබෙන බව වාර්තා වෙයි
කුරුඳුවත්ත පොලීසිය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතර තුර කාන්තාවක අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කළ මෙම විරෝධතාව එක්සත් ජාතින්ගේ කාර්යාලය ගොස් එතැනින් මල්පාර දෙසට ගමන් කර ඇති අතර එහිදී එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණි.