2023 අයවැය කථාව ජනපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි | සිළුමිණ

2023 අයවැය කථාව ජනපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව (අයවැය කථාව) ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්ය ගරු රනිල් වික්රමසිංහ මහතා විසින් අද (14) ප.ව 1.30 ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 
 
මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය හෙට  (15)  ආරම්භ වන අතර, දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය. අයවැය දෙවනවර කියවීමේ විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන අතර පස්වරු 5.30 සිට පස්වරු 6.00 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්රකශ්න හෝ යෝජනා සඳහා වෙන්කොට තිබේ.
 
අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වන අතර එය දෙසැම්බර් 8 දක්වා පැවැත්වේ. කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන මෙම සෑම දිනකම ප.ව 7.00 දක්වා විවාදය පැවැත්වීමට  නියමිත අතර  එහි ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනිදා පස්වරු 7. 00 ට පැවැත්වීම සිදුවේ. 
 
අයවැය විවාදය පැවැත්වෙන නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා ‍කාලය තුළ ඉරිදා දින සහ පෝය දිනය හැර සතියේ අනෙක් සියලු දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.  
 
මේ අතර අයවැය විවාදය පැවැත්වෙන දිනවලදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රවශ්න ඇසීම සදහා කාලය වෙනකර නොමැත.

Comments