
වියට්නාමයේ ව්‍යාපාරිකයන්ට නැගෙනහිර පළාතේ නව ආයෝජන අවස්ථා උදාකර ගැනීම සදහා හැකි වපසරිය පිළිබදව වියට්නාම් ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරේ.
නැගෙනහිර පළාතේ ව්‍යාපාරිකයන් සහ වියට්නාම් ශ්‍රි ලංකා තානාපතිනි Ho Thi Thanh Truc මහත්මිය සහ පළාත් ආණ්ඩුකාර අනුරාධා යම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් වියට්නාම් ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුව පසුගිය සිකුරාදා පාසිකුඩා අමායා බීච් හෝටල් පරිශ්‍රයේදි පැවැත්විණි.
එහිදී නැගෙනහිර පළාතේ දේශීය ව්‍යාපාරිකයන්ට වියට්නාමයේ සිදු කළ හැකි ආයෝජන අවස්ථා පිළිබදව ද සාකච්ඡාවට ලක් විය.
මේ අතර නැගෙනහිර පළාතේ නිෂ්පාදනය කරනු ලබන විවිධ භාණ්ඩ වියට්නාමයට අපනයනය කිරිම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි. එහිදි ආණ්ඩුකාරවරිය කියා සිටියේ වියට්නාම් ආයෝජකයින් සදහා නැගෙනහිර පළාතේ හැකිතාක් පහසුකම් සලසා දීමට කටයුතු කරන බවයි.
මෙම හමුවට ප්‍රථම ආණ්ඩුකාරවරිය සහ වියට්නාම් තානාපතිවරිය අතර විශේෂ හමුවක් ද එම හෝටල් පරිශ්‍රයේම සිදු වූ අතර දෙරටේ සංචාරක ආර්ථික සහ සංස්කෘතික කරුණු කාරනා රැසක් පිළිබදව ද සාකච්ඡාවට බදුන් විය.
මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, කාත්නන්කුඩිය නගරාධිපති එස්.එච්.එම්.අස්වර්, නැගෙනහිර පළාත් ව්‍යාපාරික සංගමයේ නියෝජිතයන් සහ පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති හැරි ප්‍රතාප් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.