
මෙරට දෙමළ දේශපාලන ප්‍රවාහයේ ගෞරවනීය නායකයකු වන දෙමළ ජනතා සන්ධානයේ නායක හා හිටපු විපක්ෂ නායකවරයකු වන ආර්. සම්පන්දන්ට දේශපාලන අධ්‍යාපන පීඨයෙන් පසුගියදා රන් සම්මානය පිරිනමන ලදී. තමන් වෙනුවෙන් මහ මෙහෙවරක් කළ පරිණත, වෘද්ධ දේශපාලන නායකයන්ට දෙමළ ජන සමාජය කිසිවිටෙකත් අපහාසාත්මක ලෙස නම් පටබැඳ නැත. වයස්ගත වීම සහ පරිණත බවට අමතරව සම්පන්දන්, ප්‍රචණ්ඩත්වයෙන් තොරව ස්වකීය හඬ පාර්ලිමේන්තුව තුළ නිරතුරුවම නැඟූ නිසා ඔහුව එක දිගටම තමන්ගේ නියෝජිතයකු ලෙස තෝරා එවන්නටද දෙමළ ජන සමාජය අමතක නොකළේය. ඔහු ගේ වියපත් පරිණත බවට සිය උපරිම ගෞරවය පුදන්නට නිරතුරුවම දෙමළ ජනතාවට කළ මෙන්ම, කරන මෙහෙවර වෙනුවෙන් ලද මේ සම්මානය කළගුණ නොදත් මිසදුටුවන්ට එල්ල කළ අතුල් පහරක් වැනිය. වසර 1933 පෙබරවාරී 05 උපත ලත් සම්පන්දන් දැනට 89 හැවිරිදිය.