විපක්ෂ නායකවරයාගේ කල් මැරීමෙන් ස්වාධීන කොමිෂන් සභා ප්‍රමාදයි | සිළුමිණ

විපක්ෂ නායකවරයාගේ කල් මැරීමෙන් ස්වාධීන කොමිෂන් සභා ප්‍රමාදයි

සිවිල් සමාජය ඇතුළු පාර්ශ්ව රැසක් දිගින් දිගටම ඉල්ලා සිටි ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කල් මැරීමේ ක්‍රියා කලාපය හේතු කොට ගෙන මුළුමනින්ම ඇනහිට තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමේ බලය ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට වන අතර එහිදි ව්‍යවස්ථා සභාවට අගමැතිවරයා, කථානායකවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවෙන් පත් කරන සිවිල් සංවිධාන නියෝජිතයන් පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ එකඟතාව මෙතෙක් පළ නොවීම හේතු කොට ගෙන මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි කියති.

මෙම තත්ත්වය හේතු කොට ගෙන ස්වාධීන කොමිසන් සභා පත් කිරීමේ බලය හිමි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත් කිරීම උග්‍ර ගැටලුවක් වී ඇතැයි ද ඉහත ආරංචි මාර්ග පෙන්වා දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත් කිරීම ගැන 21 සංශෝධනයට ඇතුළත් කර ඇත්තේ කිසිදු වෙනස් කිරීමකට ලක් නොකළ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධි විධාන පමණක් බවද කියනු ලැබේ.

විපක්ෂ නායකවරයාගේ මෙම ක්‍රියාකලාපය හේතු කොට ගෙන ස්වාධීන කොමිසම පත් කිරීම කල් යමින් තිබෙන අතර සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවකට සභාපතීත්වය හිමි වන ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන (Waste and means) අදාළ පත් කිරීම් සිදු කිරීමට ද විපක්ෂ නායකවරයාගේ එකඟතාව මෙතෙක් පළ වී නැතැයි ද වාර්තා වේ.

සජබ මන්ත්‍රිවරයකුම සභාපතීත්වය හිමිවන වැඩසටහනකටද විපක්ෂ නායකවරයාගේ එකඟතාව මෙතෙක් පළ නොවීම ද සජබ අභ්‍යන්තර ගැටුම් තව දුරටත් උග්‍ර වෙමින් තිබේ.

Comments