
ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට කරුණු 13 ක් යටතේ තාක්ෂණික සහාය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත.
මුදල් ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ඉල්ලීමක් පරිදි මෙම කණ්ඩායම ඉකුත් කාලය පුරා මෙරටට පැමිණ සාකච්ඡා වට කිහිපයක්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සහ මෙරට ආර්ථික ස්ථායිකරණයට උපකාර කිරීම මෙම කණ්ඩායම් දෙකේ අරමුණ වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය වැඩි කිරීම, යහපත් මූල්‍ය කළමනාකරණය බදු පරිපාලන ප්‍රතිපත්ති සැකසීම, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ විනිවිදභාවයක් ඇති කිරීම, වියදම් කළමනාකරණය, වංචාව දූෂණ ඉවත් කිරීම, මහ බැංකුව දෙන මුදල් මත යැපෙන රාජ්‍ය ආයතන අවම කිරීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, පොසිල ඉන්ධනවලින් පුණර්ජන බල ශක්තියට මාරු කිරීම, රාජ්‍ය ආධාර ලබාදීමට සැබැවින්ම අවශ්‍ය ජන කොටස් හඳුනා ගැනීම ඇතුළු කරුණු වෙනුවෙන් මෙම තාක්ෂණික සහාය හිමිවනු ඇත.